අපගේ සේවාවන් ලබාගැනීමේදී එකඟ විය යුතු නීති සහ කොන්දේසි
අවසන් යාවත්කාලීන කිරීම: 2026
Srinama.lk හරහා ලබාදෙන්නේ ජ්‍යොතිෂ නියමයන්ට අනුකූලව සකසන ලද යෝජිත නාමයන් ඇතුළත් ඩිජිටල් වාර්තාවකි (PDF). අප විසින් ලබාදෙන නාමයන් අතරින් සුදුසුම නාමයක් තෝරාගැනීම සහ එය භාවිතා කිරීම පාරිභෝගිකයාගේ සම්පූර්ණ අභිමතය සහ වගකීම වේ.
ඔබ විසින් පෝරමය හරහා ලබාදෙන උපන් දිනය, වේලාව සහ ස්ථානය මත පදනම්ව අපගේ ගණනය කිරීම් සිදුකෙරේ. එබැවින් අදාළ දත්ත නිවැරදිව ලබාදීම පාරිභෝගිකයාගේ වගකීමක් වන අතර, වැරදි දත්ත ලබාදීම හේතුවෙන් සිදුවන දෝෂ සඳහා Srinama.lk ආයතනය වගකීමක් දරනු නොලැබේ.
අපගේ සේවාවන් ලබාගැනීම සඳහා අදාළ සම්පූර්ණ ගාස්තුව කල්තියා ගෙවිය යුතුය. අපගේ වෙබ් අඩවිය හරහා (PayHere මාර්ගයෙන්) හෝ සෘජු බැංකු තැන්පතු හරහා ඔබට ගෙවීම් සිදුකළ හැක.
ගෙවීම් තහවුරු කළ මොහොතේ සිට, සාමාන්‍යයෙන් පැය 24-48 ත් අතර කාලයක් ඇතුළත (වැඩකරන දිනවලදී) අදාළ නාමකරණ වාර්තාව ඔබ ලබාදුන් WhatsApp අංකයට හෝ විද්‍යුත් තැපෑලට (Email) එවනු ලැබේ. යම් විශේෂ හේතුවක් මත ප්‍රමාදයක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව ඔබව කල්තියා දැනුවත් කරනු ඇත.
මෙම වෙබ් අඩවියේ ඇති සියලුම අන්තර්ගතයන්, නිර්මාණ සහ ලාංඡන (Logos) Srinama.lk හි බුද්ධිමය දේපළ වේ. අපගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව ඒවා වාණිජ අරමුණු සඳහා භාවිතා කිරීම සපුරා තහනම්ය.
මෙම කොන්දේසි පිළිබඳව ඔබට යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් කරුණාකර අප හා සම්බන්ධ වන්න.
info@srinama.lk